‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් බ්‍රිතාන්‍යය හැර යුරෝපයේ සියලු රටවලින් පැමිණෙන කිසිවකුට රට තුළට ඇතුළුවීමට ඉඩ නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
එම තහනම දින 30කට අදාළ වන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය. යුරෝපා සංගමයට අයත් රටවල් 27 කට මෙම තහනම අදාළ වේ.
‘කෝවිඩ්-19 විදෙස් වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් යුරෝපා රටවල සිට පැමිණෙන කිසිවකුට ඇමෙරිකාවට ඇතුළුවීමට අවසර දෙන්නේ නැහැ’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීවේය.
යුරෝපා රටවල් 30 කට වැඩි ගණනක කොරෝනා වයිරසය පැතිරෙමින් පවතින අතර කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමට ලක්වූ රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. මහා බ්‍රිතාන්‍යය යුරෝපයට අයත් රටක් වුවත් එරට ක්‍රියාත්මක සෞඛ්‍ය වැඩපිළිවෙළ ගැන පැහැදීමක් ඇති හෙයින් එරටින් ඇමෙරිකාවට පැමිණෙන මඟීන්ට විශේෂත්වයක් ලබාදෙන බව ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහත වැටුණු අතර මූල්‍ය වෙළෙඳපොළවලට සැලකිය යුතු කඩාවැටීමක් දක්නට ලැබිණි.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගමය සඳහන් කළේය.
රොයිටර්ස්
055

