(රංජන් කස්තුරි)
ඇමෙරිකානු රජයේ මිලේනියම් චැලෙන්ජ් අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානූ ඩොලර් මිලියන 480 ක්(දළ වශයෙන් රුපියල් කෝටි 8400 ක් පමණ) ප්‍රදානයක් ලබාදීමට තීරණය කර තිබේ.
ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම මුල්‍ය ප්‍රදානය මෙය වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව එම මූල්‍ය ප්‍රදානය ලබාදීමට මිලේනියම් චැලෙන්ජ් අරමුදල තීරණය කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති තුනක් වෙනුවෙන් වසර 5 ක් ඇතුළතදී එම මූල්‍ය ප්‍රදානය පිරිනැමීමට නියමිතය.

