ඇමෙරිකානුවන්ට බොලිවියාවෙන් පිටවෙන්න’යි නියෝග


බොලිවියාවේ දැනට උද්ගතව ඇති නොසන්සුන්තාවයන් හේතුවෙන් එහි සේවය කරන ඇමෙරිකානු රාජ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් පිටවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර ඇත.

බොලිවියාව වෙත ගමන් කරන ඇමෙරිකානු පුරවැසියන්ට ද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

මෙම දකුණු ඇමෙරිකානු රාජ්‍යයේ පැවති මතභේදාත්මක මැතිවරණයෙන් පසු ඇවිලුණු විරෝධතා හේතුවෙන් ජනපති ඊවෝ මෙරොලෙස් ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පලා ගියේය.

මෙවැනි වාතාවරණයකදී හදිසි සේවා සැපයීමට ඇමෙරිකාවට ඇත්තේ සීමිත හැකියාවක් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)