ඇමෙරිකානු වැඩබලන සහකාර ලේකම් මේ සතියේ ලංකාවට


( තිළිණි ද සිල්වා )

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය නිල සංචාරයක් සදහා  මේ සති අන්තයේදී දිවයිනට  පැමිණිමට නියමිතය.

පසුගිය 06 වනදා සිට ආරම්භ වූ දින 11ක සිය කලාපීය සංචාරය අතරතුර ඇය ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

අමෙරිකානු සහකාර ලේකම්වරිය මේ වන විට පාකිස්ථානයේ සංචාරය ආරම්භ කර ඇති අතර ඉන්පසු ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කිරිමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරය තුළදී රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්විමට ද ඇලිස් වෙල්ස් මහත්මිය සැලසුම් කර ඇති බව වාර්තා වේ.