(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් පැවසීය .
ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාලව ගුවන් ගමන් තහනම් කිරීම් එම අධිකරණ මගින් පනවා, ඒ බැව් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ද ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබී ඇත .
ඒ අනුව ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දී රන්ජන් රාමනායක මහතා , ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .
රන්ජන් රාමනායක මහතා පළමුවෙන්ම කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීමට සැළසුම් කර තිබුණි .

