
ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත මුහුණ හමුව මාසයකින් කල් දැමීමට සිදුවුණු බව ධවල මන්දිරය පවසයි.
මේ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද තහවුරු කර ඇත. ‘චීන ජනාධිපති ෂී ජින්පින් සහ මා අතර හමුවක් පැවැත්වීමට සියල්ල සූදානම් කරලයි තිබුණේ. චීන ජනාධිපතිවරයාත් මා හමුවන්න බොහොම උනන්දුයි. ඒත් ඉරාන අර්බුදය හේතුවෙන් එ හමුව අප්‍රේල් මාසය අවසානයට කල් දමනවා’ යැයි ධවල මන්දිරයේ දී මාධ්‍ය වේදීන් අමතමින් ට්‍රම්ප් පැවැසීය.

