ඇමැතිගෙන් ලිට්‍රෝ සමාගමට දෝස් මුරයක්


(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම අත්තනෝමතිකව අඩු බර ගෘහස්ථ ගෑස් සිලින්ඩර අඛණ්ඩව වෙළෙඳපොලට නිකුත් කරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ලිට්‍රෝ සමාගම කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේම ගෑස් ලීටර් 18 ක් ලෙස සටහන් කර තව දුරටත් වෙළෙඳපොලට ඉදිරිපත් කරන බවත් ඔවුන් පාර්ලිමේන්තුවේ, කෝප් කමිටුවේ හෝ කැබිනට් මණ්ඩලයේ අවවාද මායිම් නොකරමින් වැරදි වැඩේ දිගටම කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

පාරිභෝගිකයන් නොමඟ යැවීමේ චෝදනාවට ලිට්‍රෝ ගෑස් සමාගම එරෙහිව නඩු පවරා ඇති බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ එම නඩුවේ ලබන ඔක්තෝබර් මාසයේ නැවත කැඳවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.