ඇමැති බන්දුලගේ සහන මල්ල අද සිට


(විනීතා එම් ගමගේ)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක් සහිතව රුපියල් 1000කට දෙන සතෝස සහන මල්ල අද (1) සිට  සතොස වෙළෙඳසල්වලින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වෙළෙඳපොළේ ඇති භාණ්ඩ මිල සහ සසඳද්දී මෙම බඩු මල්ලක් මිලදී ගැනීමෙන් රුපියල් 410ක ලාබයක් පිරිභෝගිකයාට හිමි වේ.

සුදු කැකුළු,රතු කැකුළු,සුදු සීනි,පරිප්පු,පාන්පිට,ලුණු කැට කිලෝව බැගින් ද හාල්මැස්සන්, කෑලි මිරිස්, සෝයාමීට්, තේකොළ  ඇතුළු භාණ්ඩ 12ක් මෙම මල්ලට ඇතුළත් වී ඇතැයි ද වෙළෙඳ අමාත්‍යවරයා කියයි.