ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇමති මණ්ඩලයට විනයක් තියෙන්න ඕන යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මීට කලිනුත් ඇමතිවරු ඕනතරම් අස් වෙලා තිබෙනවා. අස් කරලා තිබෙනවා.එක්සත් ජාතික පක්ෂයේ යෝධයන් දෙදෙනෙක් වන ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි මහත්වරුන් ප්‍රේමදාස ජනපති විසින් ඉවත් කර දැමුවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යන්න නම් මූලධර්ම අනුගමනය කරමින් කටයුතු කිරීමේ වගකීම තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.