ඇමති පාඨලීට එරෙහි නඩුවේ විරෝධතාවලට දින දෙයි


(මනෝප්‍රිය ගුණසේකර)

රාජගිරිය ප්‍රදේශයේ දී අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුවේ මූලික විරෝධතා ජූලි මස 18 වැනිදා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා අද නියම කළේය.

2016 පෙබරවාරී මස 28  ජීප් රථයක රියදුරුව සිටිමින් අපරික්‍ෂාකාරීව නොසැළකිලිමත් අන්දමින් එම රථය ධාවනය කොට පුද්ගලයකු හප්පා බරපතල තුවාල සිදුකිරීම, තුවාලකරු රෝහලකට රැගෙන නොයෑම, අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු චෝදනා යටතේ පාඨලී චම්පක රණවක මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් 10 දෙනා පොලිසියට ලබාදුන් සියලු ප්‍රකාශවල පිටපත් ඇතුළු පැමිණිල්ල විසින් විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන රැසක් මේ වන විට විත්ති පාර්ශවයට ලබාදීමට කටයුතු කර ඇතැයි පැවසී.