ඇඳීරිනීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට උපදෙස්


(ඉන්දිකා රාමනායක)

ඇඳීරීනීති නියෝග  අකුරටම  කි‍්‍රයාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

සෑම පොලිස් බල ප‍්‍රදේශයකම මාර්ග වල හා අතුරු මාර්ගවල , කිසිඳු හේතුවක් නොමැතිව මහජනයාට  රැඳී සිටීම ඉඩ නොතබන ලෙසට  පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

මෙම කාලය තුළ නිවෙස් වලින්  බැහැරව රැඳී සිටීමට අවසර නොතබන ලෙසත් ,  දිවයිනේ සියලුම දිස්ති‍්‍රක අතර  වාහන ගමනාගමනය ද  සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.

කාර්යට සාධක බලකාය විසින් අවසර දී ඇති ආහාර ඇතුලූ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහන රථ (ඩිලිවරි) සඳහා පමණක් අවසර ලබා දී ඇත.