ඇඳිරිය තිබුණත් වෙළඳසැල් හෙට රෑ 8 තෙක් ඇරලා


(ඉන්දිකා රාමනායක)

 

කොරෝනා  වයිසරය  පැතිරීමේ අවදානම  හේතුවෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා හෙට (10)  පෙරවරු 8.00 සිට  රාත්‍රියේ  8.00 දක්වා ද  එම  ප්‍රදේශයේ ඖෂධ හා  ආහාර වෙළඳසැල් විවෘත කරන බව   නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද  දිනයේ ද  උදෑසන 8.00 සිට රාත්‍රියේ 8.00 දක්වා එම ප්‍රදේශවල  වෙළෙඳසැල්  විවෘත කර  ජනතාවට භාණ්ඩ  මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන් බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

එම ප්‍රදේශවල වෙළඳසැල් රාත්‍රි 8.00 වනවිට ඒවා වසා දැමිය යුතු බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම කාලය තුළ අවස්ථාව ලබා දෙන්නේ නිවස අසළ පිහිටි වෙළඳසැළට පමණක් බවත්  එසේ නොමැතිව ඊට පරිබාහිරව ඇති වෙළෙඳසැල් වෙත ගමන් කිරීම සඳහා හැකියාවක් නොමැති බවද හෙතෙම කීය.

එසේ  ගමන් කරන පුද්ගලයන්ට ඇදිරිනීතිය උල්ලංඝනය  කිරීමේ   වරද යටතේ කටයුතු කරන බවද   අජිත් රෝහණ මහතා  කියා සිටියේය.

මෙම වෙළෙඳසැල් වෙත පැමිණෙන  ජනතාව වෙනුවෙන්  සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම භාවිතා  කිරීමට  සහ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට  වෙළෙදසැල් හිමියන්  පාලන එහි අධිකාරි  විසින්  කටයුතු කළ යුතු බවත්, එසේ සිදුකරන්නේ ද යන්න පොලිස් නිලධාරීන් යොදා නිරීක්ෂණ කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.