ඇඳිරිය කැඩූ 1200ක් අත්අඩංගුවට


බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

ගෙවුනු පැය 24  තුළ  (අද පස්වරු  6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1200 දෙනෙකු අත්අඩංගුවට  ගෙන වාහන  314 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

පසුගිය මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා දින 45 තුලදී  ඇඳිරි නීතිය උල්ලංඝණය  කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 46284 ක්  අත්අඩංගුවට ගෙන  වාහන  12013 දිවයිනේ පොලිසිය ස්ථාන මඟින් සිය බාරයට ගෙන ඇති බව දෛනික වාර්තා අනුව සඳහන් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාස වැඩි දුරටත් සඳහන් කරයි .