ඇඳිරිනීතියෙන් ලොතරැයි මණ්ඩලයට කෝටි 300ක් අහිමිවෙයි


(යොහාන් භාසුර)

අලුත් අවුරුදු ‘කොවිඩ්’ රැල්ල හමුවේ දැන් ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරිනීතිය පනවා තිබූ දින 41 ක කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් කෝටි 300ක පමණ ආදායමක් අහිමිවී ඇතැයි එහි සභාපති නීතිඥා ලලිත් පියුම් පෙරේරා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

රජයට ආදායම් ලබාදෙන ආයනයක් හැටියට ජාතික ලොතරැයි මණ්ඩලයට එවැනි ආදායමක් අහිමිවීම වඩාත් බරපතල තත්වයක් බව කී ලලිත් පියුම් පෙරේරා මහතා එම ආදායම් අහිමිවීම නැවත ප්‍රතිපූර්ණ කිරීමට නොහැකි එකක් බව ද සඳහන් කළේය.

ඇඳිරිනීතිය පනවා තිබීමෙන් ලොතරැයි මණ්ඩලයට ආදායම අහිවූවාක් මෙන්ම 25000 ක් පමණ වන අළෙවිකරුවන්ට ද ආදායම අහිමිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් රට විවෘත කළ වාහාම ලොතරැයි වෙළෙඳපොල විවෘත කිරීම රජයට මෙන්ම අළෙවිකරුවන්ට ද සහනක් බවත් ලලිත් පියුම් පෙරේරා මහතා කීය.