ඇඳිරිනීතිය කඩ කළ 4217 ක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

කොරෝනා වයිරසය    ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා  ඉකුත් (20) දින සිට මේ දක්වා  දිවයින පුරා  පනවා ඇති  පොලිස් ඇදිරි නීතිය  උල්ලංඝණය  කළ පුද්ගලයන් 4217  දෙනෙක්  අද  (27)  පස්වරු 12.00 වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි   ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
 මෙම කාලය තුළ  වාහන 1063 ක්  අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
  2020.03.26 දින සවස 6.00 සිට  අද  (27) දින දහවල් 12.00 දක්වා කාලය තුළ පුද්ගලයන් 732  දෙදෙනෙක්  අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 120 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
ඇතැම් පිරිස්   මෙසේ හැසිරුන ද  මෙම කාලය තුළ     බොහෝ පිරිසක් ඇදිරි නීතියට හා නිරෝධායන නීතියට ගරු කරමින්   කටයුතු කළ බවත්    ඔවුන් සියලූ දෙනාටම   පොලිසියේ ප‍්‍රසංසාව හිමිවන බවද හෙතෙම කීය.
 
  ඔවුුන්ගේ මෙම සහය  ඉදිරි දිනවල ද   බලාපොරොත්තු වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.