ඉන්දිකා රාමනායක
ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අද (27) සිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඇදිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් මෙතෙක් පොලිස් ඇප මත මුදා හැරී අතර අද සිට එසේ නොකරන ලෙසට සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන් බවද අජිත් රෝහණ මහතා කීය.

