(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 තුල සිදු කල විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයන් 1001 සහ වාහන 215 ක් පොලිස් බාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඉකුත් 20 වෙනිදා සිට මේ දක්වා පුද්ගලයන් 26830 ක් සහ වාහන 7000 ක් පොලිස් බාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසීය.

