(නිමල කොඩිතුවක්කු)
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය රැකගැනීම සඳහා ස්වසනය පහසු කරවන ඇඳන් සහ ස්වසන රෝග සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි උපකරණ කට්ටල මෙරටට ගෙන්වීමට පෞද්ගලික අංශයටද අවස්ථාව දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රජයට දැනුම් දී තිබේ.
කොරෝනා ආසාදිත තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සදහා කළ යුතු පළමු කාර්ය සෞඛ්‍යය පැත්තෙන් ආරක්ෂා වීම යැයිද එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. මෙයට අමතරව මෙවැනි වසංගත තත්ත්වයකදී ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය නීති සියල්ලක්ම සම්මත කරගන්නා ලෙසද රනිල් වික‍්‍රමසිංහ මහතා රජයට දැනුම් දී සිටියේය.
මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම සදහා ගන්නා ඉහත පියවර සියල්ලකටම එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහය ලැබෙතැයිද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.
එංගලන්තය, නෝර්වේ ආදි රටවල් සහ පසුව හෝ ඉතාලිය කොරෝනා වයිරසය පැතිරයාම වැලැක්විමට අනුගමනය කළ ක‍්‍රමවේද ශ්‍රී ලංකාවේත් ක‍්‍රියාත්මක කිරිමට පියවර ගැනීම තුලින් වයිරසය පැතිරයාම වැලැක්වීමට ගත් ක‍්‍රියාමාර්ග කෙරෙහිද රජයේ අවධානය යොමුවිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

