
(ජේ.ඒ.එල් ජයසිංහ)
කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි පරික්ෂාවට ලක් කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය තමන්ට සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ වෙත බලපෑම් කරමින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් 15ක් එහි වහළට නැඟ විරෝධතාවක නිරත වූහ.
කොළඹ සහ මීගමුව බන්ධනාගාරවලින් නිරෝධායනය සඳහා යොමු කළ පිරිස බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් කියයි.
මෙම රැඳවියන් බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථානට රැගෙන විති දින හතරක් වන බවත් ඔවුන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ හෝ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීම සෞඛ්‍ය අංශ සිදු කළ යුතු බවත් ඒ සඳහා අදාල අංශ දැනුවත් කරන ඇති බවත් බන්ධනාගාර නිලධාරීහු කියති.

