ඇන්ටනෝව් පරීක්ෂණ හරියට කළාට ප්‍රශංසාව


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයකට කොටි ත්‍රස්තවාදීන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිළධාරීන් ඇතුළු තිස් හත් දෙනෙකු ඝාතනය කිරීමේසිද්ධියට අදාළව සාර්ථක ලෙස පරීක්ෂණ මෙහෙය වූනියෝජ්‍ය පොලිස්පති ජගත් පොන්සේකා මහතාට පොලිස්පතිප්‍රශංසාවක් පිරිනමා මෙම පරීක්ෂණ වලට දායක වූ විවිධ තරාතිරමේ පොලිස් නිලධාරීන් හතළිස් දෙදෙනෙකුට ත්‍යාග මුදල් පිරිනමා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි

පොලිස්පති ප්‍රශංසාව සහ ත්‍යාග මුදල් පිරිනමනු ලැබුවේ ගුවන් යානයටමිසයිල් ප්‍රහාර එල්ල කරවසර විසිතුනක් ගෙවීමෙන් අනතුරුවය

පලාලී සිට රත්මලාන ගුවන්තොටුපල දක්වා පියාසර කළ මෙම යානයට විල්පත්තුව වනෝද්‍යානය තුළ සැඟව සිටිකොටි මිසයිල් ප්‍රහාරක බලකාය ත්‍රස්තවාදීන් දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කර තිබුණේ 2000 වසරේ මාර්තු මස තිස් වෙනිදා ය

ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර එහි ගමන් ගමන් ගත් තිස් හත් දෙනකු සමඟ විනාස කර දැමූත්‍රස්තවාදීන්ව දෙදෙනාට වසර 185 කබරපතළ වැඩ සහිතව සිර දඬුවමක් නියම කර එය වසර 5 කින් ගෙවී යන ආකාරයට ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළේ එවකට උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුමහේෂ් වීරමන් මහතා ය

මෙම දඬුවම නියම කරනු ලැබුවේ 2019 වසරේ දී ය

මෙසේ සිර දඬුවම් සිර දඬුවම් නියම කරනු ලැබුවේ jegan සහ නල්ලම් ශිවලිංගම් යන දෙදෙනාටය

පොලිස්පති ප්‍රසංසාව ලැබූ ජගත් පොන්සේකා මහතා එවකට සහකාර පොලිස් අධිකාරී නිලයේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය රාජකාරි කරමින් සිටියේය