ඇදිරීනීතියේදී කටානේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් හසු වෙයි


(ඩබ්ලිව්. හියුබට් ප‍්‍රනාන්දු)

කටාන බටහිර කලූවාරිප්පුව ප‍්‍රදේශයේ ඇඳිරි නීතීය අස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්කුඩු ජාවාරමක් හෙළිකර ගැනීමට කටාන පොලිසිය සමත්විය.

කටාන පොලිස් වසමට අයත් බටහිර කලූවාරිප්පුව ප‍්‍රදේශයේ සුවිසල් නිවසක මෙම හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු රුපියල් ලක්‍ෂ 08 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 65 යි මිලි ග්‍රෑම් 840 ක්ද සමඟ කොටු කර ගැනීමත් සමඟ මෙම මත්කුඩු ජාවාරම හෙළිකර ගැනීමට කටාන පොලිසියට හැකිවිය.
 
හෙරොයින් ජාවාරම්කාරියන් දෙදෙනා සිය තිසරපටවල් තුළ සඟවා මත්කුඩු විකිණීමේ යෙදී සිටියදී පොලිස් කණ්ඩායම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වැටලීම ඇඳිරි නීතීය ක‍්‍රියාත්මක වෙමින් තිබු පසුගිය 26 වැනිදා සිදුකළ කටාන පොලිසියේ නිලධාරීහු මෙම ජාවාරම උපයෝගි කරගත් සුඛෝපභෝගී නවීන මෝටර් රථයක්ද, ඉලෙක්ටොනික තරාදියක්ද, ඇතුලු හෙරොයින් ජාවාරමට යොදා ගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබිණි.
 
රුවන්වැල්ල හා නාත්තන්ඩිය දුන්කණ්නාව ප‍්‍රදේශ වල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු විසින් කටාන බටහිර කලූවාරිප්පුව ප‍්‍රදේශයේ සුවිසල් නිවසක් කුලී පදනම යටතේ ලබාගෙන මෙම හෙරොයින් ජාවාරම සිදු කර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.
 
සැකකාරියන් දෙදෙනා මීයගුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.