ඇද යටින් කේරළගංජා මතුවෙයි


( වසන්ත චන්ද්‍රපාල)

ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා ඇඳ යට රහසිගතව සඟවා තැබූ සැකකරුවෙකු කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින්  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරු පොලිස් වසමට අයත් ජනප්‍රිය පාසලක් අසල නිවසක කල්මුණේ විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත ඊයේ(10 )   සවස සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබිය.

මෙම සෝදිසියේදී නිවසේ ඇඳ යට සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 18 යි ග්‍රෑම් 169 ක් සොයා ගත් අතර  . 33 හැවිරිදි සැකකරුවෙකු වන නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා සයින්දමරුදු පොලිස් ස්ථානයට භාරදී තිබේ.