ඇත්රජු විදුලි වැටට බිලි


(ජයරත්න වික්‍රමාරච්චි)

සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්මව්‍යාපාරයේ කි.මීටර් 5 කණුව, දකුණු ඉවුර ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් තුළදී අද උදෑසන ඇතකු මියගොස් ඇති බව කරුවලස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.

වයස අවුරුදු 25ක් පමණ හා උසින් අඩි අටහමාරක් පමණ වන බව පැවසෙන මෙම ඇතාගේ දළ යුගළ අඩි 2ක් පමණ දිගින් යුතු වන බවත් එම කාර්යාලය සඳහන් කළේය.

ඇතාගේ මරණය විදුලිසැර වැදීමකින් සිදුවූවක් වියහැකි බවට සැකකරන නමුත් මරණයට හේතුව නිශ්චිතවම දැනගැනීම සඳහා නිකවැරටිය වනජීවීපශු ‍වෛද්‍ය කාර්යාලය මඟින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතා පැවසීය.

මෙම ප්‍රදේශයට නුදුරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය පිහිටා ඇති අතර එහි සිටින වන අලින් යාබද විදුලියවැට කඩාගෙන නිරන්තරව නීලබැම්ව්‍යාපාරයට කඩාවැදී බව භෝග විනාශ කරන බවටත්, මිනිස් ජීවිතවලට තර්ජන එල්ලකරන බවටත් නිරන්තරව වාර්තාවේ .

ඇතාගේ මරණය සම්බන්ධයෙන් කරුවලගස්වැව වනජීවී කාර්යාලය හා සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි