ඇඟළුම් නංවන්න රජයේ අනුග්‍රහය-ජනාධිපති


(සුජිත් හේවාජූලිගේ)

ඇඟළුම් ක්ෂේත්‍රය ඉහළ නංවීම සඳහා පූර්ණ අනුග්‍රහය දීමට රජය සූදානම් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ඇඟළුම් ක්ෂේත්‍රයේ දියුණු කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියකරන බව දී ජනාධිපතිවරයා ක්ෂේත්‍රයට අදාලව හඳුන්වාදී  ඇති සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමේ හැකියාව ගැන සොයා බලන බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිරයා මෙසේ පැවැසුවේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජතයන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.