
(ජී.ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ දිවුලපිටිය ඇඟලුම් සුපරීක්ෂකවරියගේ දියණියට ද කොරොනා ආසාදනය වී ඇති බව අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේදී කළ පීසී ආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
එම දැරිය 16 හැවිරිදි වියේ පසුවන්නීය.
මෙම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට යැවීමට කටයුතු කරන බව ද වෛද්‍ය සිරිවර්ධන වැඩිදුරටත් කීය.
දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයන් වන සිය ස්වාමි පුරුෂයා, දරුවන් සිව්දෙනා සහ පියා යන පිරිස අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පි සී ආර් පරීක්ෂණයට ලක් කෙරිණි.

