ඇඟලුම් ආයතනයට කොරෝනා පැමිණි අයුරු හොයන්න කමිටුවක්


(ඩයනා උදයංගනී)

මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයට කොවිඩ් 19 වයිරසය පැමිණි ආකාරය සෙවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කමිටුවක් පත්කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ  ප්‍රවෘත්ති   දෙපාර්තමේන්තුවේදී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.