ඇගළුම් බසය පෙරැලී 5ක් රෝහලේ


( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන)

පුත්තලම ඩිපෝ හංදියේදි  ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද(3 )  උදෑසන පෙරැලී යාමෙන් 5 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්වි ඇත්තේ කරුවලගස්වැව සිට මුන්දලම දක්වා ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් බව කියයි.

කරුවලගස්වැව  සිට ඇගළුම් සේවිකාවන් රැගෙන ගමන් කරමින් තිබියදි එකවර බස් රථය රියදුරාට පාලනය කර ගැනිමට නොහැකිව පෙරළි ගොස් ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 20 කට ආසන්න ඇගළුම් සේවිකාවන් පිරිසක් ගමන් කර ඇති අතර කිසිවකුටත් බරපතල තුවාල සිදුව නැති බව පොලිසිය කියයි.