ආහාර සිරවී සිඟිත්තියක් මරුට


(රංජිත් රාජපක්ෂ)

තම සිගිති දියණියට ආහාර කවමින් සිටි 26 හැවිරිදි මවට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වේල් වත්තේ පදිංචි අරුමුගන් අගල්යා (1) නැමති දියණියයි.

සිගිත්තියගේ මව දිවා ආහාර පිලියෙළ කර නිවස තුළදි සිගිත්තියට ආහාර ලබා දි ඇත.

එම අවස්ථාවේ එකවරම මව රෝගී වී ඇති අතර ආහාර ගනිමින් සිටි සිගිත්තියගේ උගුරේ ආහාර සිරවිමෙන් මව බදාගෙන බිම වැතිරි සිටියදි අසල්වාසින් විසින් මව සහ සිගිත්තිය  රෝහල් ගත කර ඇත . එම අවස්ථාවේදීත් සිගිත්තිය මියගොස් සිට ඇතැයි බගවන්තලාව පොලිසිය පැවසීය.

මිය ගිය සිගිත්තියගේ මව දිගු කාලයක් රෝගී තත්ත්වයෙන් පෙලි ඇති බවත්, ඒ සදහා ඇය ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත්පොලිසිය පැවසීය.