ආහාර විස වීමකින් ශ්‍රීපාද විද්‍යා පීඨ සිසුන් 70 ක් රෝහලේ


රංජිත් රාජපක්ෂ                      

හැටන් පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන  සිසු සිසුවියන් 60 දෙනෙකු පමණ ආහාර විස වීමක් හේතුවෙන් කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය  නිලධාරි වෛද්‍ය සවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවාය.

ඊයේ (22) රාත්‍රියේ කුකුල් මස් ව්‍යාංජනයක් සමඟ බත් ආහාරයට ගත් බවත් අද (23) උදෑසන සිට ළමුන්ට පාචනය, ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ තිබී රෝහලට ඇතුළත් කර ඇති බවත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනිය පැවසුවාය.

රෝහල් ගත කළ සිසුන් අතර සිසුවියන් 58 දෙනෙකු සහ සිසුන් 12 දෙනෙකු සිටින බව වෛද්‍යවරිය සඳහන් කළාය.