ආහාර දෙපාර්තමේන්තුවට කෝටි 36ක පොල්ලක්


(මුදිතා දයානන්ද)

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙනත් ආයතනවලට කුලියට ලබාදුන් ගබඩා 237ක් සඳහා රුපියල් කෝටි 36ක කුලී ගෙවා නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාකින් අනාවරණය වේ.

කුලි පදනම මත ලබාදී ඇති මෙම ගබඩා සඳහා වසර පහකදී ලැබි තිබෙන්නේ කෝටි පනස්තුනක් පමණක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදුකළ කාර්යසාධන විගණනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම ගබඩා රාජ්‍ය හා පෞද්ගලික ආයතනලට ලබාදී තිබු අතර බදු ගිවිසුම් අනුව වසර තුනකට වතාවත් බදුකුලිය වැඩිකර සංශෝධනය කළ යුතු වුවද එසේ කර නැති බවද එම වාර්තාවේ සඳහන්වේ.

මෙම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි සමූපකාර තොග වෙළඳ සංස්ථාව 2017 හා 18වසරවලදී ගබඩා නවයක් කුලියට ලබාදී තිබු අතර ඒ සඳහා අය විය යුතු හිග කුලිය රුපියල් දෙකෝටි හැට එක් ලක්ෂයකි.

ලංකා සතොස ආයතනයට ලබාදුන් තබඩා එකොළහක් වෙනුවෙන් අය විය යුතු හිග කුලිය රුපියල් දෙකෝටි පනස්පන් ලක්ෂයකි.