ආසාදිතයෝ තවත් 817ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 817 දෙනෙක් අද (7) වාර්තා වූහ. ඒ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් 792 ක් සහ විදේශගතව සිට පැමිණි 25 ක් වශයෙනි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1889 කි.

මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,21,338 ක් දක්වා ඉහළ ගොස් ඇත.