ආසාදිතයන් සංඛ්‍යාව 183 දක්වා ඉහළට


(දිමුතු සඳරුවන්)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් හයදෙනෙකු මියගොස් ඇති අතර 42 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.