ආසාදිත කතට ප්‍රතිකාර කළ ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ට කොරෝනා නෑ


(තිලකරත්න දිසානායක)

කොරෝනො ආසාදිතයකු බවට පළමුවෙන්ම තහවුරු වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවට ප්‍රතිකාර කළ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. 

එම රෝගියාට ප්‍රතිකාර කළ ස්වසන රෝග ප්‍රතිකාර ඒකකයේ  වෛද්‍යවරුන් 6 දෙනෙකු , හෙදියන් 8 දෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු නිරෝධායනය සදහා හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

එම පිරිස පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර ලබා ගත් වාර්තා අනුව එහි කිසිවෙකුටවත් වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.

මේ අතර ගම්පහ රෝහලේ වෙනත් අංශයක වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් එම වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහල වෙත යවා ඇත.