ආරාලි දූපතේ දී දිවි පිදූ විරෝවෝ සමරති


 

(ඉන්දිකා රාමනයක සහ ළහිරු හර්ෂණ)

1992 අගෝස්තු 08 වැනිදා යාපනය ආරාලි තුඩුවේ දි එල්ටීටීඊ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන්ගේ  29 වැනි ගුණානුස්මරණ උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අනුකූලව අරාලි තුඩුවේදී අද පැවැත්විණි.

මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර්. එච්ස්ටෙපන්, ලුතිනන් කර්නල් ජී.එච්. ආරියරත්න, ලුතිතතන් කර්නල් වයි.එන්. පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලීන් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර, සාමාන්‍ය සෙබළ ඩබ්.ජේ. වික්‍රමසිංහ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟ එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.

ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ අනෙකුත් විරුවන් අධිපපීඩන බෝම්බයට ගොදුරවන අවස්ථාවේ ඔවුන් ගමන්ගත් රථයේ කොටස් තැන්පත් කර ඉදිකල කෞතුකාගාරය විවෘත කිරීම ද ගුණසැමරුමට සමගාමීව යුද හමුදාධිපතිවරය විසින් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල්  ජගත් කොඩිතුවක්කු මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීහු ද එක් වූහ.