ආර්ථික ගමනට ’’බකට්’’ පෙරලන අය ඉවත් කරනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටෙි ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවා මෙන්ම දේශපාලන අරමුණු වලින් එම ප්‍රතිසංස්කරණ  විරුද්ධ වන පුද්ගලයන් ද ඉවත් කිරීමට රජයට  සිදුවෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ අරමුණ වුණේ  රට පැය 12ක්  අඳුරේ තැබීම නොව පැය 24ම අඳුරේ තැබීම බව සේමසිංහ මහතා කීය.

ආණ්ඩුව මෙි කරන්නේ  ජනක රත්නායක ඉවත් කිරීමක් නොව රටේ ඉදිරි ආර්ථික වැඩ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම බවද  ෂෙහාන් සේමසිංහ මහතා කීය.