(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති රජය සත්‍ය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සී.එන්.එන් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්ව ඇති බවත් එයින් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට අවශ්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ශ්‍රී ලාංකික ජනතාව දුක්විඳින බව තමන් දන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආර්ථිකය ආපස්සට ගොස් ඇති බවත් නැවතත් ආර්ථිකය බිම් මට්ටමේ සිට ගොඩනැගිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩ නැගීම සඳහා වසර 5-10 ක කාලයක් අවශ්‍ය නොවන බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ලබන වසර අග වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවෙනු ඇති බවත් නිශ්චිතවම 2024 වසර වන විට ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථිකයක් ගොඩ නැගීමට හැකියාව ලැබෙනු ඇති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනටත් ඉන් පසුව සිංගප්පූරුවටත් ගිය අවස්ථාවේ තමන් කථා බහ කළ බවත් නමුත් මේ අවස්ථාවේදී රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිටින්නේද එසේත් නැතිනම් වෙනත් තැනක සිටින්නේද තමන් නොදන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කළ බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.