(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟය හමුවේ ආර්ථිකය පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ අද ( 08) පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත .
එබැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැතැයිද ඇමතිවරයා පෙන්වා දී ඇත.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පස්වරුවේ පැවැත්විණි .
ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා හැර පසුපෙළ අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඊට සහභාගි වූ බව වාර්තා වේ.

