(මනුල වික්‍රම)
රටේ පවතින ඇඳිරි නීති වාතාවරණ තුළ පිණ්ඩපාතයෙන් ජීවත්වන ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා, පිරිවෙන්වල හා දුෂ්කර ප්‍රදේශවල වැඩවසන භික්ෂූන් වහන්සේලා දැඩි දුෂ්කරතාවන්ට ලක්ව ඇති බැවින් දායකයන් සහ සහන අංශ ඒ කෙරේ වැඩි අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුරාධපුර සංඝ සභාවේ දිසාපාකල පූජඨ ගෝනගල ඤාණාලෝක හිමියෝ ඉල්ලීමක් කරති.
මෙම තත්ත්වය දිවයින පුරාම පැවැතිය හැකි බවත් භික්ෂූන් වහන්සේලා එවැනි අපහසුතා ඇතත් ඒ ගැන ප්‍රකාශකිරීමට උනන්දු නොවීම ස්වභාවය බව පවසන ඤාණාලෝක හිමියෝ එවැනි විහාරස්ථානවලට දුර බැහැරින් සම්බන්ධව සිටින දායකයින්ට ගමනාගමන අවහිරතා පැවැතී මීට හේතුව බව ද පෙනවා දෙති.
‘‘ ආරණ්‍යවල වැඩවසන ස්වාමින් වහන්සේලාට මේ ප්‍රශ්නය තිබෙනවා. ඇතැම් ස්ථාන පවතින්තේ ගම්මානවලින් බොහෝ ඈත කඳුකර හෝ වනගත ස්ථාන වල. මේවාට ළඟා වෙන්නත් අපහසුයි. වැඩඉන්න භික්ෂුන්ට ගමන්කරන්නත් අසීරුයි. පිරිවෙන්වල ඉගෙන ගන්නා සාමනේර හිමිවරුන් මෙන්ම වැඩි සංඝයා වහන්සේලා පිරිසක් වැඩ වසනවා. ඒවාගේ ස්ථානවල දානය සැකසීමට එකතුකරගත් ආහාර ද්‍රව්‍යත් අඩුයි. මිල මුදල් හා පහසුකම් ද අඩුයි. දායකයින්ට අවහිරතා තිබෙන නිසා උන්වහන්සේලා කරදර කරන්නත් කැමතී නැතිව ඇති. ඒත් ඒ ගැන සොයා බැලීම අප හැමගේ යුතුකමක්. මා මේ ගැන රාජ්‍ය අංශයෙන් මෙන්ම දායකයින්ගෙන් ද ඉල්ල සිටිනවා. ඒ ඒ ප්‍රදේශවල ඉන්න රාජ්‍ය නිලධාරීන් මේ ගැන සොයා බලන්නේ නම් ඉතා වටිනවා‘‘ යැයි උන්වහන්සේ සඳහන් කළ සේක.

