(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කදිරාන ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ 18 ක පමණ රන් භාණ්ඩ ඇතුළු වටිනා දේපළ සොරා ගෙන ගියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කදිරාණ ප්‍රදේශයේ පිහිටි එම නිවසේ ගෘහ සේවිකාවක වශයෙන් සේවය කළ කාන්තාවක් එම නිවසේ සීසීටීවී කැමරා සවි කිරීමට පැමිණි කාර්මික ශිල්පියකු සහ එම කාර්මික ශිල්පියාගේ සහෝදරයකුගේ බිරිඳ වෙති.
කදිරාන පිහිටි මෙම නිවසට සිසිටිවි කැමරා සවි කිරීමට පැමිණි කාර්මික ශිල්පියා එම නිවසේ ගෘහ සේවිකාව සමග මිත්‍ර සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඔහුගේ සහෝදරයා ගේ බිරිඳ සමඟ එක්වී ගෘහ සේවිකාව ද හවුල් කරගෙන වරින්වර මෙම නිවසේ තිබූ රන් භාණ්ඩ සුවඳ විලවුන් සහ නවීන පන්නයේ ජංගම දුරකථන වල උපාංග ඇතුළු දේපොළ සොරාගෙන ගොස් තිබිණි යැයි පොලීසිය පවසයි.
නිවෙස් හිමියා කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මොවුන් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

