( අරුණ ඩයස් සහ ඉන්දිකා රාමනායක)
උඩමාදුර අයුර්වේද රොහලේ ස්ථාන බාර ආයුර්වේද වෛද්‍යවරයා සිය නිල නිවසේ නාන කාමරය තුළ මිය ගොස් සිටිය දි සොයා ගත් බව තෙරිපැහැ පොලිසිය පවසයි.
බෙලිඅත්ත,පුවක්දණ්ඩාව,විස්කමි පුර දෙක,ජය සුරංගි හි පදිංචි ජයසුරිය පටබැදිගේ භාරත මධුසංඛ ජයසුරිය නැමති තිස් හය හැවිරිදි විවාහක ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙසේ මිය ගොස් ඇත.
උඩමාදුර ආයුර්වේද රොහලේ සේවය කරන සේවකයෙකු ඊයේ (17 ) උදෑසන උඩමාදුර ආයුර්වේද රොහලේ වෛද්‍යවරයා නිල නිවසේ නාන කාමරය තුල වැටි සිටිනු දැක දුරකථනයෙන් උදැසන නමය හමාරට පමණ තෙරිපැහැ පොලිසියට දන්වා ඇත.
ඒ අනුව තෙරිපැහැ පොලිසිය උඩමාදුර ආයුර්වේද රොහලට ගොස් විමර්ශණ කටයුතු සිදු කර වලපනේ වැඩ බලන දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් මානෙල් වික්‍රමසිංහ මහත්මිය වෙත මෙම ආයුර්වේද වෛද්‍යවරයාගේ මරණය පිළිබද කරුණු වාර්තා කර තිබේ.
වලපනේ වැඩ බලන දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් මානෙල් වික්‍රමසිංහ මහත්මිය ඊයේ ( 17) දහවල් මහෙස්ත්‍රාත් පරික්ෂණය පවත්වා මිය ගිය ආයුර්වේද වෛද්‍යවරයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය රොහලේ අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙසට නියොග කළේය.

