ආබාධිත රණවිරුවන්ගේ ගැටලුවට විසඳුම් දෙන බව මංගල කියයි


(ඩයනා උදයංගනී)

අර්ධ ආබාධිත රණවිරුවන්හට විශ්‍රාම ලැබූ පසු විශ්‍රාම වැටුප සමඟ වැටුපෙන් 75% ක් ද ලබාදීමට පියවර ගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තමන් එම විසඳුම දෙන බව දන්නා කණ්ඩායමක් රණවිරුවන් පාරට බස්සා දේශපාලන වාසි ගැනීමට යන බවද ඇමැතිවරයා සඳහන් කළේය.