ආපදාවලට ලක්වූ පෙදෙස්වල සිසුන් ළඟම විභාග මධ්‍යස්ථාන වෙතට


(රන්ජන් කස්තුරි)
 
ආපදාවට ලක්වූ ප්‍රදේශවල පිහිටි විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන සිසුන් අවශ්‍ය වුවහොත් ළඟම පිහිටි විභාග මධ්‍යස්ථාන වෙත යොමුකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
 
පළාත් අධ්‍යාපන කාර්යාලවල සහ කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් මාර්ගයෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.
 
හෙටින්(02) විභාගය ඇරඹෙන් අතර, හෙට අලුයම දක්වා ආපදා තත්වය නිරීක්ෂණය කර අවශ්‍ය පියවර ගන්නා බවද පූජිත මහතා පැවසීය.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රදේශවල ආපදා තත්වයන් පවතින බව සහ එම ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලට ප්‍රවේශ වන මාර්ග වැසී ඇති බවට වාර්තා වන බවද ඔහු කීය.