ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ විජයකලාට නීතිපති උපදෙස් නෑ


(නිමන්ති රණසිංහ)

එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්   කළැයි කියන සිද්ධියට අදාළ සැකකාර කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවට උපදෙස් ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා  නිතිපතිවරයාට යළි සිහිකැදවීමක් කළේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නඩුවේ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන්‍ෙ මෙතෙක් නිතිපගෛ් උපදෙස් ලැබී නොමැති බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කළ දැනුම් දීමක් පිළිගනිමින මහේස්ත‍්‍රාත්වරයා එලෙස නියම කළේය.

 සිද්ධියට අදාළ නඩුව ලබන සැප්තැම්බර් මස 10 වැනිදා යළි කැදවීමට නියම කළේය.