ආනයනික ලුණු අද සිට වෙළෙඳ පොළේ


( මහින්ද  නිශ්ශංක )

ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු අද (6) සිට වෙළෙඳ පොළේ අළෙවි කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම සදහන් කරයි.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කළ එම ලුණු හම්බන්තොට ලංකා ලුණු සමාගමේදී අයිඩිකරණය කොට වෙළෙඳ පොළට නිකුත් කරන බවද ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දන තිලක මහතා පැවසීය.

ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 8235 ක් පමණ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවෙන් ලුණු සමාගමට ලැබීමට නියමිත බව ඒ මහතා පැවසීය.

ආනයනික ලුණු මිල තරමක් වැඩි කිරීමට සිදු වුවද ලබන මාර්තු මාසයේ සිට පැවති මිලටම ලුණු අළෙවි කිරීමට පියවර ගන්නා බව සභාපති නන්දන තිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.