
(විනීතා එම් ගමගේ)
ටයර් ආනයනය නැවැත්වීමෙන් සමහර යතුරුපැදි සඳහා ටයර් නොමැතිව යතුරුපැදිකරුවෝ දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි යතුරුපැදි සහ ටයර් අලෙවිකරුවෝ පවසති.
ශ්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් 70% ක් පමණ මෙරට නිපදවන අතර ඉතිරි 30% ආනයනය කෙරෙමින් පැවැතිණි.
මෙරට ධාවනය වන යතුරුපැදි ප්‍රමාණය 3,500,000 ඉක්මවන අතර එයින් බහුලව භාවිතාවන යතුරුපැදි වර්ග කිහිපයකට ගැලපෙන ටයර් මෙරට නිෂ්පාදනය නොකෙරෙන බැවින් එම ටයර්වල හිඟයක් මතුව ඇතැයි ප්‍රධාන පෙළේ යතුරුපැදි ගෙන්වන සමාගමක ප්‍රකාශකයෙක් පැවසීය.
මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද දන්වා සහනයක් ඉල්ලා සිටි බව ද හෙතෙම සඳහන් කළේය.
එසේ මෙරට නිෂ්පාදනය නොකෙරෙන ටයර් නිපදවීම ආරම්භ කරන තෙක් ඒවා ගෙන්වන්නට අවසර ලබා දෙන මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද හෙතෙම කියා සිටියේය.
110/80-12, 100/80-12, 130/80-12, 110/70-17, 110/80 – 17, 110/90 -18, 150/70-17 හා 140/90-15 යන වර්ගවල ටයර් මෙසේ හිඟවී ඇතැයි ද මසකට මෙම වර්ගවලින් 4,000 ක් පමණ ඉල්ලුමක් පවතින්නේ යැයි ද ඔහු කියා සිටියේය.

