ආනන්දේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස්වෙයි


කොළඹ ආනන්ද විද්‍යාලයේ සිව්වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිත්වයෙන් පෙරේදා (03) දින එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායක ඇතුළු නිලධරයන් තෝරා පත් කර ගැනීම සිදුකෙරිණි.

මෙම අවස්ථාවට විදුහල්පති ලාල් දිසානායක,නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්, ආරාධිත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

(ඡායාරූප: ඉසුරු පෙරේරා)