ආණ්ඩුවේ මන්ත්‍රීවරු - අගමැති හමුවක් අද


(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02)පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ .

මහත් ආන්දෝලනයට ලක්ව ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේම පාර්ශව කිහිපයක් දැනටමත් විරෝධය පළකර ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ .

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය අදහස් කර ඇති අතර ,ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද හෙට (03) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ .