ආණ්ඩුවට දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නෑ


(යොහාන් භාසුර)
රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට නම් ස්ථිර පොලිස්පති වරයෙක් පත් කළ යුතු බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන  කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොමැතිව සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දුන් බව කී ඒ මහතා ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර උග්‍ර මත ගැටුමක් ඇති බව ද සඳහන් කළේය.