ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා


(නිමල කොඩිතුවක්කු)

රටේ බංකොලොත් භාවයත් ආර්ථික කඩා වැටීමටත් මුවා වී ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයා ඇතුළු රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද (6) ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණු හතර වන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ මාධ්‍ය රජය මේ වෙනවිට විධායක බලයත් ඒකාධිපතිත්වයත් තුළින් විනාශ කරමින් සිටින බවත් මහලේකම්වරයා පැවසීය.

මැතිවරණ කල් දමමින්, අධිකරණ නියෝග කඩකරමින්, පාර්ලිමේන්තුවට කන් නොදෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම මාධ්‍ය පාලනය බවට පත්ව ඇතැයිද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.