ආණ්ඩුව ගැන පූර්ණ විශ්වාසය තබා ගන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් ආපදාව සමනය කර ගැනීම සඳහා උදව් වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආපදා තත්ත්වය හමුවේ වුවද උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කර තිබෙනවා.

බාධාවකින් තොරව විභාගය පවත්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධීකරණය කර ගනිමින් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බැවින් කිසිම චකිතයක් ඇති කරගන්න එපා යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.